කෙල්ලොන්ට නම් තැබීම!

මාධවලාගේ ටෙක් එකේ මාධවලා වැඩ කරන ලැබ් එකේ මැෂින් වලට(computers)ඩොමේන් එකක් දාලා! ඉස්සර peer to peer තිබ්බ මුලු නෙට්වර්ක් එකම දැන් ලිමිට් කරලා මුං!
ඒ මදිවට එකේ ටොරන්ට් බාන එකත් නවත්තලා! මල ජරා වැඩක්! සර්ටවත් නැති අමාරුවක්නේ උන්ට තියෙන්නෙ!ඒක කරපු IT section එකේ එකෙක් දෙන්නෙක්ව අල්ලලා දෙකක් අනින්න තමයි මේ දවස් වල මාධවලා මාන බලන්නනේ! මාධව ගිය සෙනසුරාදා අලුතින්ම දාල ආව මූවි 5ක්ම මුං අයින් කරලා! මුන්ට වැඩක් දෙන එක තමයි මාධවගේ එකම පරමාර්ථය මේ දවස් වල!


අහු උනොත් දෙන්නම් බැටේ! ආයේ  IT  එක පැත්ත පළාතක නොයන්නම!


-----------------------------------------------------------------




ආපහු ඉස්කෝලෙට ගියොත් නියමයි! ඇත්තටම මාධවලාට ඉස්කෝලේ කාලේ කොච්චර ලස්සනද කියලා තේරෙන්නෙ අයින් උනාට පස්සෙ තමයි! ඇත්තටම මාධවලා  (මාධව)  මෝඩයි කියලත් වෙලාවකට හිතෙනවා!

කවදාවත් මාධව නම් ඉස්කෝලෙදි කෙල්ලෝ පස්සෙ වැටුනේ නෑ වෙලාවට!!අවංකවම එකෙන්ම! එහෙම විශේෂයක් මාධවට දැනිලා නෑ. ඒත් එහෙම වැටුන එවුන් හිටියා! එහෙම කෙල්ලෙක් දාගෙන තාමත් ඒක(ආදරෙන් ආසාවෙන්)  කර ගහන එවුනුත් ඉන්නවා. එහෙම කෙල්ලෙක් දාගෙන ඒක ඉස්කෝලේ කාලෙම චක බ්ලාස්ට් කරපු වැඩ කාරයොත් ඉන්නවා!

මාධවලාගේ ක්ලාස් වල හිටියා මරු මරු කෑලි (කෙල්ලෝ ) ටිකක්! ලොකු ක්ලාස් වල අයියලා එහෙම කැරකෙනවා ඉස්සර මාධවලාගේ ක්ලාස් එක පැත්තේ!



ඒ අතරේ මාධවලාගේම එවුනුත් ඒවටම ට්‍රයි! මාර තරගයක්! මරු!

ඔහොම කෙල්ලෙක් සෙට් කර ගන්න ගිහින් අපේ එකෙක් කාපු කට්ටක් මෙන්න  මේකේ තියනවා! ඒකත් මරු කතාව!

ඔහොම පන්තියේ එවුන් කාපු කටු ටිකක් දාන්න පුලුවන්! ඒත් මාධවගේ මිත්‍ර කැල මේක බැලුවොත් මාධව ඉවරයි! මාධවට නියම සංග්‍රහයක් ලෑස්ති කරයි...

කමක් නෑ එකක් දෙකක් න්න අවශයයි නෙව!

-----------------------------------------------------------------

ඔන්න මේක උනේ මාධවලා 9 ඉන්න කොට! අපේ ක්ලාස් එකේ ලස්සන කෙල්ලෙක් හිටියා! නම  අවශ්‍ය නැත!    ඇත්තටම ලස්සනයි! ගොඩක්! දෙපාරක් හැරිලා බලන්න හිතෙන තරම්! ඇත්තටම! තාමත් ඒ වගේම ලස්සනයි! ඉදලා හිටලට මග තොටදි හම්බුනාම ඒ බව පේනවා!

ඉතින් මාධවලාගේ ක්ලාස් එකේ ඉදපු පොරක් මේකිට වහ වැටිලා දුන්නා ලියුමක්! ඒ කෙල්ල ඒක අරන් නෑ! ඉතින් මාධවලාගේ මිත්‍ර පොරට ලව් සික් එක වැදිලා ඒ ලියුම ඉරලා ඉරලා ඉරලා දාලා! කෑලි වලට! දැන් මේකාඉන්නවා හොට එල්ලගෙන! මාධව හොට කිව්වෙ හොඩ වැල! ලියුම බල්ලට දාලා!

මාධවලා කට්ටිය එකතු වෙලා කුණු ගොඩේ බල්ලට ගිහින් තිබ්බ මේ ආදර ලියමන අරන් කෑලි කෑලි jig saw ප්‍රෙහ්ලිකාවක් සෙට් කරනවා වගේ සෙට්  කරලා කියවනවා!

මරු! ඇඩෙන ලියුම! රොමෑන්ටික්! පිස්සු එකයි! ආදරේ බේරෙනවා!

මාධවලාට මගුල් අරූට අවමගුල්!

මේකේ විශේෂම සිද්දිය මේකයි!

ඒ ලියුම අර කෙල්ලට යැව්වෙ තවත් කෙල්ලෙක් අතේ නෙ!

අන්තිමට ඒ ලියුම අරන් ගිය කෙල්ලට පුලුවන් උනා හොඩවැල හිමි පොරගේ පාසල් පෙම්වතියක් වෙන්න! හික් හික්!

-----------------------------------------------------------------

ආදර නම්!! කෙල්ලොන්ට අපි දාපුවා! ඇත්තටම ගැලපෙන නම් තමයි අපි දාන්නෙ!

මාධවලා ඒ ලෙවල් ක්ලාස් වල ඉන්න කොට,කොල්ලෙක් ට්‍රයි කලා රුවනි කියලා කෙල්ලෙක්ට! කෙල්ල ලස්සනයි! හැබැයි ටිකක් කොටයි! මිත්‍ර පොර ඒ වගේ 3ක් උසයි! ඉතින් මාධවලා ඒ කෙල්ලට ගැහුව කාඩ් එක තමයි " කොට රුවනි!  "

ඔන්න ඒ වගේම මේකත්! ........  තව කොල්ලෙක් ට්‍රයි කලා නංගි කෙනෙක්ට! රුවනිත් නංගි කෙනෙක් තමයි! මං මේ කියන නංගිගේ නම මාධව තාම දන්නෙ නෑ. ඒ කෙල්ල ලස්සනයි! රුවනි තරම්ම නැතත් ටිකක් කොටයි!! ඒ කෙල්ලගෙ මූනෙ ලස්සන ලපයක් තියන හින්දා මාධවලා කියන්නෙ " ලප නංගි " කියලා!
ඉතින් මාධවලා ඒ කෙල්ල දකින ගානේ අරූට කියනවා! අන්න මචං " ලප නංගි " යනවා කියලා!!

තව කථා ටිකක් ඊළග එකෙන් දාන්නම්! මොකද මං දැන් දවල්ට කන්න ඕනි! බඩගිනියි!

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. me kata nam ela.. habai... apiwa baladariya kapala dapallaaaaa

    ReplyDelete
  2. කරන්න දෙයක් නෑ බන්! ඒ කෙල්ලගේ නම දාන එක හරි මදි කියලා හිතෙනවා. ඒ ගැන බලවත් කණගාටුව! ඒහෙම දාන එක අවුල්! කෙල්ලෙක්නේ මොනා උනත්!

    ReplyDelete
Previous Post Next Post

Contact Form