කඩ්ඩ!



english -  ඒක කඩුවක්ද? අනේ මංදා!



මේ ළගදි දවසක් මාධවටයි ලේනටයි කඩ්ඩ පාවිච්චි කරන්න උනා! මේ සුද්දො 2ක් හදි ගැහුන නිසා!


මෙන්න මේකයි කථාව!


ඔන්න මාධවයි ලේනයි මේ ලගදි ගියා  දෙන්නගේ field එකේ වැඩකට! ඒ කියන්නේ නෙට්වර්ක් එකක් හදලා දෙන්න යාලුවෙක්ගේ internet cafe එකක!
------
(ලේනයි මාධවයි නෙට්වර්ක් ඉගෙන ගන්නවා -  ටෙක් එකේම!)
------


දැන් මාධවලා ඒ වැඩේ ඉවර කරලා යාලුවාගේ  cafe එකේම නෙට් ගිහින් යූ ටියුබ් එකේ ගේම් වීඩියෝස් බල බල ඉන්නවා!


මෙන්න එක පාරටම පිට රැටි ඔරිජිනල් සුදු මහත්තයෙක් & සුදු නෝනෙක්! (අපරාදේ කියන්න බෑ ලස්සන සී දේවි නෝන පොඩ්ඩ) පැනපි  cafe එක ඇතුලට!


මාධවයි ලේනයි පාඩුවේ අපේ වැඩ! කේස් එකක්ම නෑ!


 cafe එකේ තව හිටියා කට්ටියක්! උන් ටික වාෂ්ප වෙලා!   cafe අයිතිකාරයා රතු වෙලා!


මේ  සුදු මහත්තයෙක් & සුදු නෝනට ඕනි වෙලා තියෙන්නේ එයාලගේ ඊ මේල්ස් බලන්න! ඒත් එයාලා ඒක කිව්ව විදියට මෙලෝ මලදානයක් මාධවලාට තේරුණේ නෑ!


සස් බස් සස් බස් ගෑවා! එතන ඊ මේල්ස් කියල ගෑවිලාවත් තිබ්බේ නෑ!


ඒ තරමටම මුන්ගේ කඩ්ඩ ස්පීඩ්! 


කොහොම හරි මාධව ලේනා සහ කැෆේ බුවා ඇතුලු තුන්දෙනා අමාරුවෙන් සටන් කරනවා!


ඒත් ටික වෙලාවකින් ලංකාවේ මාධවලාට එයාලා කියන ඒවා තේරුන් ගන්න පුලුවන් උනා! ඊට පස්සේ අවුලක් නෑ!


කොහෙම උනත් මාධවලාට තිබ්බ අවුල කඩ්ඩ බැරි කම නෙමෙයි! කඩ්ඩ කථා කරලා පුරුදු නැති කම!


ලංකාවේ ඉන්න මාධවලා වගේ හුඟ දෙනෙක් කඩ්ඩ බීලා ඉන්න (English හොදට පුලුවන්) කොල්ලෝ නෙමෙයි! ඒත් ඒකත් භාෂාවක්නේ! භාවිතයක් නැති කමයි වෙලා තියෙන්නේ!


කොහොම හරි  එදාම මාධවයි ලේනයි තීරණය කළා British Council එකේ කෝර්ස් එකක් වත් කරලා කඩ්ඩ පොලිෂ් කර ගමු කියලා!


English කියන්නේ කඩුවක් නෙමෙයි! සිංහල වගේම භාෂාවක් විතරයි!  English වලට භය වෙන්න දෙයක් නෑ! භාවිතය පමණයි ඕනි! ම්ම්ම්ම්ම්ම්!


සුභ දවසක් හැමෝටම!!!!


4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. British council eke course ekak math kara..eken habai kaddata thiyena baya nathi wenawa..habai course eka iwara wela tika kalekin apahu parana siddiyama thama...

    habai uwamanawa thibboth puluwan

    ReplyDelete
  2. thankX machan! uba karapu course 1e visthara tikak mata ewapan puluwannam! k :)

    ReplyDelete
  3. fucking white peoples,,,,,,,,,,, ay ubala kadda ta ochchara baya aaaa?????? kadda use karanda ona thanata use karapan.eth suddonta kade yanda kadda onema na.lankawata awanam sinhala kathakaranda kiyapan naththam ennathuwa innd akiyapan.fukig guys.kadda baruwa newei api use karannathuwa inne.ok...

    ((((((TOM))))))

    ReplyDelete
  4. TOM උඹේ කථාවට මං විරුද්දයි. ඔනෑම මිනිහෙක්ට තමන් කැමති භාෂාවකින් සන්නිවේදනය කිරීමේ අයිතිය තිබිය යුතුයි..

    ReplyDelete
Previous Post Next Post

Contact Form