Posts

Showing posts from July, 2011

මෙන්න තවත් කතා! පාසල් කතා! සමග ටෙක් කතා!

Image
ඉස්සෙල්ලම ටෙක් කතා!

අද මමයි ලේනයි ටෙක් ගියා! ම්ම්ම්ම්ම්! අර මං කලින් කිව්ව වැඩේ කරලා තියෙන්නෙ නයිටා එකේ ප්‍රොජෙක්ට්ස් කරන්න ආපු එවුන් දෙන්නෙක්නෙ! මං අදයි දන්නෙ ඒක! උන් ටොරන්ට් එහෙම නවත්තලා බුවාල වගේ වැඩක් දීලා ගිහින්!

උන් ටික අපේ ටෙක් එකේ එහෙම නටන්නෙ කොහොමද කියලා අපි අද කථා උනා! සුපුනුයි! මමයි මලිත‍් ඇතුලු අපේ කට්ටිය!

ඒකට අපි ඉක්මණට වැඩක් දෙන්න ඕනි! ඒක කරලා ඒ ගැනත් මේකෙ දාන්නම්කෝ!!!

අද මායි ලේනයි සී ටී බී බස් එකකට නැගලා යනවා! ඒකෙම සුදු කපල් එකක්! (ජෝඩුවක්) යනවා! ලස්සන කෙල්ලෙක් සහ කඩවසම් කොල්ලෙක්!

මං මේ කියන්න යන්නෙ මේ සුදු පොර කරපු මරු වැඩක් ගැන! ඇත්තටම ඒක මාර සීන් එක! මටයි ලේනටයි හිනා යන්නත් එනවා!

මේකයි සීන් එක!

දැන් කවුරු හරි බස් එකේ සීට් එකක් පරිත්‍යාග කරනවා දැක්කම මේ පොරත් ළග ඉන්න කාට හරි නැගිටලා සීට් එක දෙනවා! මාර කේස් එක!! පොරට පින් ගොඩයි! අන්තිමට මගදි නැග්ගා ළමයෙක් වඩාගෙන අක්ක කෙනෙක්! ඒ අක්කට අපි දන්න අයියා කෙනෙක් සීට් එක දුන්නා!

මෙන්න ඒ පාර සුදු පොර නැගිටලා අර අක්කගෙ අම්මට සීට් එක දුන්නනේ! මාර කේස් එක!  අපි දෙන්නම කතා උනේ ඒ සුදු පොර කරපු වැඩේ එළ! හොද වැඩක්! ඒත් ඇයි මූ දකින දකි…

ඉස්කෝලේ කථා තවත් ටිකක්!

Image
තව ස්කූල් කථා ටිකක් දාන්න හිතුනා! මෙන්න එහෙනම් බලන්නකෝ!

අපේ ස්කෝලේ ස්පෝර්ට් මීට් එක හැම අවුරුද්දකම තිබ්බා! මගේ පාසල් කාලය තුල ස්පෝර්ට් මීට් එක තිබ්බෙ නැත්තෙ 2 පාරක් විතරයි! මං කලින් පෝස්ට් එකේ කියලා තියන ප්‍රින්සිපල් ආව ගමන් අපිට එක මීට් එකක් නැති කලා! අනික නම් 9 ඉන්නකොට වගේ තමයි මතක!!

මේ කාලෙට නියමයි! මාර නිදහස්! කට්ටිය උදේම පිට්ටනියට බැස්සම හවස කරුකුට්ටං වෙලා ගෙදර යන්නේ! නියම ෆන් එකක් ගන්න පුලුවන් කාලේ!

මේ කාලෙට තමයි අපේ සමහර කොල්ලොන්ට ටිකක් අමුතු අමුතු ලෙඩ ඇතිවෙන්නෙ! මූලිකම ලෙඩේ තමයි කෙල්ලෙක්.............

ඉතින් අම්බානක ජෝඩු සෙට් වෙන්නෙත් මේ කාලෙට! ඒ වගේම ඒවා මාට්ටු වෙලා ගුටි කන්නෙත් මේ කාලෙට...........

ස්පෝර්ට් කරන වෙලාවට වැරදිලා පන්තියකට ගියොත් ඕන තරම් සිද්ධි අතේ මාට්ටු! එක පාරක් ඔහොම මාට්ටු උනා හෙඩ් ප්‍රිෆෙක්ට් කාරයෙක්! (අපි 7 ඉන්නකොට) මැඩම්ලා මූට දෙහි කැපුවා මාර කැපිල්ලක්!!

----------------------------------------------------------------

මේ කාලෙටම තමයි කැඩෙට් ප්‍රැක්ටිස් පටන් ගන්නෙත්! අපිවත් අරන් යනවා මාච් එකට කියලා! 10 ඉදන් දිග සුදු කලිසම අදින නිසා 12, 13 ප්‍රිෆෙක්ට්ලා අපිව අරන…

තවත් ඉස්කෝලේ කතා ..... ඉවරයක් නම් නෑ!

Image
අපි 12 ශ්‍රේණියේ ඉන්න කොට තමයි ශිෂ්‍ය නායක ඉල්ලන්න කියලා සර්ලා, මැඩම්ලා පණිවිඩ එවන්න ගත්තෙ. අපිට හොද චාන්ස් එකක් කියලා අපි ඔක්කොම ඉල්ලුවා!

අන්තිමට ඉන්ටර් වීව් කරලා අපිව තේරුණා! අපිට දැන් සතුටුයි! මොකද පොරවල් වගේ ඉන්න පුලුවන් නිසා!

මෙන්න තේරුණ කට්ටිය කීප දෙනෙක්!

අමිල, මම (මාධව), දිමුතු, රුක්ෂාන්,ශිවන්ත,බටුවත්ත, බුද්ධි(හෙඩා!), අර්ජුන ඇතුලු තව තව කට්ටිය! (හැමෝම මතක නැති එක ගැන සොරි වෙන්ඩ ඕනි!) කෙල්ලෝ නම් -  ප්‍රශා, දීපශිකා, (හෙඩ්ලා දෙන්න විතරයි මතක) ඔන්න ඔහොමයි! අපි මේ ගත්ත  ශිෂ්‍ය නායක කම ඉල්ලන් කෑමක් උනේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් මාරු කරලා අලුත් කෙනෙක් ආවට පස්සෙ! අයියෝ ..............................

ඉස්සර මං 8.30ට විතර තමයි ඉස්කෝලෙ එන්නෙ! පාඩුවේ රැස්වීම් එහෙම ඉවර වෙලා උගන්නන්න පටන් ගන්නකොටම මේ මාධව පංතියේ ඉන්නවා! (අපේ ගෙදර ඉදන් විනාඩි 2යි ඉස්කෝලෙට) හොර පාරවල් වලින් එහෙන් මෙහෙන් දාලා වෙලාවට මං ක්ලාස් එකේ!

ඒත් අලුත්  ප්‍රින්සිපල්  ආවට පස්සෙ අපිට 7ට ඉස්කෝලෙට එන්න ඕනි! එක එක ශිෂ්‍ය නායක  කණ්ඩායම් වලට එක එක වැඩ මුර!! පරණ ප්‍රින්සිපල් ඉන්න කාලේ වගේ අයිස් ගැහිලි බෑ!

අපිට අන්තිමට කිව්වෙ හු*ජ කොල්ලෝ…

ඉස්කෝලේ කථා තවත්! තවත් තවත්!

Image
අපේ ටෙක් එකේ අපි වැඩ කරන ලැබ් එකේ මැෂින් වලට(computers)ඩොමේන් එකක් දාලා! ඉස්සර peer to peer තිබ්බ මුලු නෙට්වර්ක් එකම දැන් ලිමිට් කරලා මුං! ඒ මදිවට එකේ ටොරන්ට් බාන එකත් නවත්තලා! මල ජරා වැඩක්! සර්ටවත් නැති අමාරුවක්නේ උන්ට තියෙන්නෙ!ඒක කරපුIT section එකේ එකෙක් දෙන්නෙක්ව අල්ලලා දෙකක් අනින්න තමයි මේ දවස් වල අපි මාන බලන්නනේ! මං ගිය සෙනසුරාදා අලුතින්ම දාල ආව මූවි 5ක්ම මුං අයින් කරලා! මුන්ට වැඩක් දෙන එක තමයි මගේ එකම පරමාර්ථය මේ දවස් වල!


අහු උනොත් දෙන්නම් බැටේ! ආයේ  IT  එක පැත්ත පළාතක නොයන්නම!


-----------------------------------------------------------------




ආපහු ඉස්කෝලෙට ගියොත් නියමයි! ඇත්තටම අපිට ඉස්කෝලේ කාලේ කොච්චර ලස්සනද කියලා තේරෙන්නෙ අයින් උනාට පස්සෙ තමයි! ඇත්තටම අපි (මං)  මෝඩයි කියලත් වෙලාවකට හිතෙනවා!

කවදාවත් මම නම් ඉස්කෝලෙදි කෙල්ලෝ පස්සෙ වැටුනේ නෑ වෙලාවට!!අවංකවම එකෙන්ම! එහෙම විශේෂයක් මට දැනිලා නෑ. ඒත් එහෙම වැටුන එවුන් හිටියා! එහෙම කෙල්ලෙක් දාගෙන තාමත් ඒක(ආදරෙන් ආසාවෙන්)  කර ගහන එවුනුත් ඉන්නවා. එහෙම කෙල්ලෙක් දාගෙන ඒක ඉස්කෝලේ කාලෙම චක බ්ලාස්ට් කරපු වැඩ කාරයොත් ඉන්නවා!

අපේ ක්ලාස් වල හිටියා …

school stories! පාසල් කතා! ලස්සනයි! සුන්දරයි!

Image
අද මට හිතුනා ඇයි මං ඉස්කෝලේ ගියානම්, ඒ ගැන එකම පෝස්ට් එකක් වත් දාන්නෙ නැත්තෙ  කියලා! ම්ම්ම්ම්ම්! ටික ටික ඉස්කෝලේ කතා දාන්නම්! එක පෝස්ට් එකක කතා 2, 3ක් විදියට!

ම්ම්ම්ම්ම් මං ඉස්කෝල 2කට ගියත් ප්‍රාථමිකේ එච්චර මතකයක් නෑ. මොකද අපි එතකොට පොඩි එවුන් නේ! මජර වැඩ කරන්න තරම් දැනුමක් අපිට නෑ!

ඔයින් මෙයින් කාලේ ගෙවිලා! කර දඩු උස් මහත් වෙලා අපි 6 ශ්‍රේණියට පාත් උනාම තමයි ටික ටික වල් වෙන්න ගත්තේ! වල් කිව්වට වල් උනේම නෑ! ඇත්තටම, අවංකවම කියනවනම් අපිට වඩා වල් වැඩ, ජරා වැඩ කරපු එවුන් අනන්ත හිටියා! අපි ඇල් වතුරත් නිවලා බීපු එවුන්!

6 වසරේ ඉදලා පිළිවෙලට කථා දාන්න ගියොත් මේක බෝරිං වෙන නිසා තැනින් තැනින් අහුලගන්න ඒවා දාන්නම්! රසවත්ද නැද්ද කියලා කියවන ඔයාල තීරණය කරන්න! ඇත්තටම මට නම් මේවා කවදාවත් අමතක කරන්න බෑ!

මොකද පාසල් ජීවිතය ගොඩක් ලස්සනයි! සුන්දරයි!








----------------------------------------------

මං මේ කියන කේස් එක 5 ශ්‍රේණියේ ඉදලා පැවත එන කතාවක්! ඔය කොල්ලෝ ඉස්කෝලේ කාලේ දානවනේ එක එක නම්! මට එහෙම කාඩ් එකක් වැදුනා 5 වසරෙදි අබ ඇටයා කියලා! ඒක උනේ මෙහෙමයි!

ඉස්සර මං හිටියේ 5A ක්ලාස් එකේ! මේකේ හිටියා මමයි (මාධව)…

අද ආපසු ආවෙමි! මුකූත් නැතුව!

අපි අද ක්ලාස් ගියා! අමාරුවෙන්! අපි බොහොම දුර ඉදල ක්ලාස් වලට එන අය! එහෙම දුර කතර ගෙවාගෙන ආවම ක්ලාස් නැත්නම්! අයියෝ එපා වෙනවා! දවසම ඉවරයි!


අතේ තියන තුට්ටු දෙකටත් තට්ටු වෙනවා!


ඉතින් අද ආපහු ආවා! හේතුව කරන්ට් නෑ! ඒක රජයේ ආයතනයක් උනත් කරන්ට් නෑ! ඒත් කමක් නෑ ‍ජෙනරේටර් එකක් වත් නෑ මෙන්න මේ වෙලාවකට!! හදිසි වෙලාවකට ගන්න ජෙනියක් නැත්තන් වැඩක්යැ!!


ඒත් කමක් නෑ අද විතරක් නම්!

ඒත් හැමදාම මේක වෙන එකයි ඉවසන්න බැරි!  අද කළින්ම කරන්ට් ගියාට, හැමදාම වගේ හවස 4 පහුවෙද්දි කරන්ට් නැති වෙනවා අනිවාර්යයෙන්ම!!  මණ්ඩලේට කිව්වම කියනවා අරෙහෙ වැඩ, මෙහෙ වැඩ ඒකයි මේ කරන්ට් කපලා තියෙන්නෙ කියලා!


චික්! චික්! 


ඉතින් අද දවසම සුනේ සුං! වැඩක් උනේම නෑ!

------------------------------------------------------------------------------------------
මට අද හිතුනා කෙටි වාක්‍ය කීපයක් දාන්න!  වෙන මොකුත් ගැන නෙමෙයි ටොරන්ට් ගැන!


TORRENT කියන්නෙ අමුතුම වැඩක්! නියමයි! මං නම් ටොරන්ට් එකෙන් ගොඩක් වැඩ ගන්න කෙනෙක්!! මං හැම සතියකම අලුත් මූවීස්, වීඩියෝ පාඩම් මාලා, මෘදුකාංග, ඊ බුක්ස්  එහෙම ගොඩක් බා ගන්නෙ ටොරන්ට් එකෙන්!


මං දන්න ගොඩක් අය ඉන්ටර්නෙට් කනෙක්ෂන් …

කඩ්ඩ! කඩ්ඩ!

english -  ඒක කඩුවක්ද? අනේ මංදා!


මේ ළගදි දවසක් මටයි අපේ ලේනටයි කඩ්ඩ පාවිච්චි කරන්න උනා! මේ සුද්දො 2ක් හදි ගැහුන නිසා!


මෙන්න මේකයි කථාව!


ඔන්න මායි ලේනයි මේ ලගදි ගියා අපි දෙන්නගේ field එකේ වැඩකට! ඒ කියන්නේ නෙට්වර්ක් එකක් හදලා දෙන්න යාලුවෙක්ගේ internet cafe එකක!
------
(ලේනයි මමයි නෙට්වර්ක් ඉගෙන ගන්නවා -  ටෙක් එකේම!)
------


දැන් අපි ඒ වැඩේ ඉවර කරලා! උගේ cafe එකේම නෙට් ගිහින් යූ ටියුබ් එකේ ගේම් වීඩියෝස් බල බල ඉන්නවා!


මෙන්න එක පාරටම පිට රැටි ඔරිජිනල් සුදු මහත්තයෙක් & සුදු නෝනෙක්! (අපරාදේ කියන්න බෑ ලස්සන සී දේවි නෝන පොඩ්ඩ) පැනපි cafe එක ඇතුලට!


මායි ලේනයි පාඩුවේ අපේ වැඩ! කේස් එකක්ම නෑ!


 cafe එකේ තව හිටියා කට්ටියක්! උන් ටික වාෂ්ප වෙලා! අපේ cafe අයිතිකාරයා රතු වෙලා!


මේ සුදු මහත්තයෙක් & සුදු නෝනට ඕනි වෙලා තියෙන්නේ එයාලගේ ඊ මේල්ස් බලන්න! ඒත් එයාලා ඒක කිව්ව විදියට අපිට තේරුණේ නෑ!


සස් බස් සස් බස් ගෑවා! එතන ඊ මේල්ස් කියල ගෑවිලාවත් තිබ්බේ නෑ!


ඒ තරමටම මුන්ගේ කඩ්ඩ ස්පීඩ්! 


කොහොම හරි අපි තුන්දෙනා අමාරුවෙන් සටන් කරනවා!


ඒත් ටික වෙලාවකින් අපිට එයාලා කියන ඒවා තේරුන් ගන්න පුලුවන් උනා! ඊට පස්සේ අවුලක් නෑ!


කොහෙම උනත්…