නිසි පරිදි අවදි වී නිසි පරිදි මැසේජ් කියවන්න! (SMS STORY!) - නිදි මතේ කථාව!




- - - - - - - - - - - - - - - - - - 
ආදරේ කරන්න කරන්න ආදරේ ලැබෙනවද .................?

නෑ ඒක පචයක්! අමු කෙබ්බයක්!


ආදරේ කළ පලියට කෙනෙක්ට ලැබෙන කෙහෙම්මලක් නෑ! ඉතින් එහෙනම් මොන මගුලක්ද මිනිස්සු මේ කරන්නේ??


කොහොම උනත් කමක් නෑ ඒක දැන් අල්ලලා දාමු!


වෙන දවසක ඒක කියන්නම්! මාධව හිතුව දේ! අකුරක් නෑර! අනිවාර්යයෙන්ම!


- - - - - - - - - - - - - - - - - - 
මේක මාධවට උනේ මේ ලගදි! නිදි මත ඉතාමත් භයානකයි! අපොයි අපොයි! මෙන්න මේකයි නිදි මතේ කථාව!


අපේ සුදු චූටි දවසක් මාධවට එව්ව මැසේජ් එකක් නිසා මාධවයාව ඇහැරුනේ උඩ ගිහින්! ඇත්තටම දරුණූ කතාවක්! අහ්! සුදු චූටි කියන්නේ මාධවගේ හොදම යාලුවෙක්!සුදු චූටි කියන්නේ පොරගේ නික් නේම් 1. ඉතින් මේකයි කථාව!


මාධව නිදි මතේ උදේම phone එක අරන් වෙලාව බලද්දි දැක්කා මිස් කෝල් & මැසේජ් කීපයක් ඇවිත් කියලා! අහා! මරු! කෙල්ල නෙමෙයි! වෙන කවුරු හරි! කෙල්ලගෙන් එන මිස් කෝල් & මැසේජ් වගේ නෙමෙයි අනික්වා හුඟාක් රසවත්! ම්ම්ම්ම්ම්ම්ම්ම්!


මාධව කියෙව්වා! දැන් මැසේජ්! එකින් එක!


පළවෙනි එක ක්ලාස් ඇවිත් වැඩක් නෑ කියන එක! ඒ කියන්නෙ ක්ලාස් නිවාඩු! ඒක නාගසාකිගෙන්!


2 වෙනි එකත් අවුලක් නෑ මොකද පවුල එවපු 1ක්! 
 තව 4, 5ක් තිබ්බා!
ඒත් ඒවා කියවන්න හම්බුනේ නෑ!

3 වෙනි මැසේජ්  එක තමයි මාධවයාගේ ඉහ මොල රත් කලේ! ම්ම්ම්ම්ම්ම්! මෙන්න මේකයි ඌ නිදිමතේ කියවපු ඒ මැසේජ් එක!

  " GM dr, ude pandarama mehema kiwwata upset wenna epa! i wenas wela na! wenas wenneth na oya wenuwen mage hadawathe thiyana thana oya kawadawath therun aran na.... "


අම්මට උඩු කිව්වලු! මේ මොන හෙනයක්ද? බඩුම තමයි! නිදි මත ලොවෙත් නෑ! එක පාරටම ෂොක් එක වගේ නිසා ඔලුවත් බරයි වගේ! ...............


( මේක කියවපු වෙලේ හිතට ආපු දේවල් නම් කාටවත් කියන්න බෑ! ඒවා මීටත් හපන්!! දෙවෙනි නෑ මේ මැසේජ් එකට!)


ම්ම්ම්ම්ම්හ්! phone 1 තිබ්බා පැත්තකින්! ටිකක් රිලැක්ස් උනා! ආ දැන් බලමු ආපහු මැසේජ් එක කියවලා! මාධව ජංගමය අතට ගත්තා!


දැන් කියවනවා ආපහු! හිමීට! ඉවසිල්ලෙන්!


ඕ.................... හ්! (ooooooooooooh!)


ආ දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ! ඇත්තටම ඒක මාධව විසින් නිදි මතේ කියවලා තියෙන්නේ විකාරයක් කරගෙන! මාධවට පිස්සු! 




නියම මැසේජ් 1 මේකයි! (නිදිමත පලා ගිය පසු කියවූ පරිදි සහ දැන් phone එකේ පවතින  පරිදි! නැවත නැවත කීප වරක්ම කියවා තහවුරු කරගෙන ඇති පරිදි!)




" GM dr, ude pandarama mehema kiwwata upset wenna epa! i wenas wela na! wenas wenneth na oyala wenuwen mage hadawathe thiyana thana oyala kawadawath therun aran na.... "


ඔන්න ඔය " ලා - LA "  කෑල්ල නැතුව කියවීමෙන් ඇතිවූ ප්‍රතිඵලය තමයි මෙච්චර භයානක උනේ!


මෙතන oyala කිව්වම අපි කට්ටියක්ම අයිති වෙනවා! දැන් මාධවට ටිකක් පැහැදිලි උනා මෙයා කියන කථාව! 


කොහොම හරි මේ සිද්දිය මොකක්ද? මොකක්ද මේ අපේ සුදු චූටිට එක පාරටම අපෙන් උනේ කියලා බලන්න මාධව ගත්තා කෝල් එකක්!


එතනින් පස්සේ සිද්ධිය ඇත්තටම කණගාටුදායකයි!ඇයි හොද කෙනෙක්ටම මෙහෙම වෙන්නේ කියලා හිතුනා! ඒ කථාව අහන කට්ටියටත් එහෙම හිතෙන්න පුලුවන් කථාවක්!


ඒ ගැන මාධවට මේ බ්ලොග් එකේ දාන්න ඕනි කියලා හිතුනත්, උගේ හිත මාව වළක්වනවා! මොකද ඒක ටිකක් හොද මදි වගේ. එහෙම දාන එක!


හොදයි ඒ කථාව මොනවා උනත්,මොන වගේ උනත්! ආයේ කවදාවත් නිදිමතේ මැසේජ් කියවන්නෙ නම් මාධව නෙමෙයි! ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්!


මොකද ඒක අතිශය භයානක විය හැකි නිසා! 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form