සියලු සත්වයෝ නිදුක් වෙත්වා!

හැමෝටම සුභ දවසක්!
මේ කතාන්දරය සත්ව නිදහස ගැන

අදත් මාධව හැමදාම හිතන දෙයක් ගැන කියන්න (ලියන්න) හිතුවා!

ඒ තමයි සත්තු ගැන!

සත්තු ජරාවක් කිව්වට මනුස්ස ලෝකයේ  මනුසත්තු තිරිසන් සත්තුන්ට වඩා ජරා වැඩ කරන ජාතියක්!

ඒවා නෙමෙයිමේ කියන්න හදන්නේ!

මිනිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව සත්තුන්ට ගොච්චර හිංසා පීඩා කරනවද දන්නේ නෑ
ඇතැම් විට ඒක විනෝදයක්! ජොලියක්! විනොදාංශයක්! සතුටක් වෙන්න ඇති! ඒත් ගන්න ඒ ආතල් 1 සතුට වෙනුවෙන් ඒ අසරණ සතා ගෙවන වන්දිය මහා විශාල දෙයක්!

මාධවට අද මේක කියන්න හිතුනෙ මෙන්න මේ face book POST එක දැක්ක නිසා!
ඇත්තටම මේක කව්රු ලිව්ව එකක්ද මාධව දන්නේ නෑ! ඒ උනත් ඒක දැනෙන දෙයක්!

ඇත්තටම මාධවලා කියටවත් නොහිතන දෙයක්!

මේ කවිය කියවලා බලන්න!

කියවන්න ඇත්තටම මොක්කද මේ කියන්නේ! හිතන්න!



___________________________________________________________________

ඇත්තටම මිනිසා කරන්නේ හරි දේද? කෙනෙක් කියාවි ආදරෙන් බලා ගන්න නිසා කමක් නෑ කියලා! ඒත් ඇත්ත ඒක නෙමෙයි! 

සත්තු කියන්නේ කූඩුවක දාලා ඇති කරන්නමානවයාගේ විනෝදෙට යොදා ගන්න ඉන්න ජාතියක් නෙමෙයි!
එයාලා මේ පරිසරයට ආදරය කරන! මේ පරිසරයේ නියම හිමිකාරයෝ! 

මානවයා මේ පරිසරය වනාන්තර විනාශ කලාට, එයාලා ඒ පරිසරයට ආදරෙයි! මේ ලෝකය බලෙන් අල්ලන් හිටියට, මේ ලෝකේ ඇත්තටම එයාලටයි අයිති!මාධව ඇතුලු මිනිසුන්ට නෙමෙයි!

ඒ කොහොම උනත්!  මේ කරන සත්තු ඇති කිරිල්ලේ විනෝදාංශය මාධව ගොඩක් අකමැති දෙයක්! බල්ලෙක් පූසෙක් වගේ ගෘහාශීත සත්තු උනත් ඇති කිරීමේදි එයාලව ආදරෙන් බලා ගන්න ඕනි!නිදහසේ ආරක්ෂා සහිතව හදන්න ඹ්නි!

ඒත් මාලුවෝ / කුරුල්ලෝ වගේ සත්තු ගෙවල් වල ඇති කිරීම සුදුසු නෑ! එයාලා නිදහසේ ඇති වෙන නිදහසට ආසා කරන අහිංසකයෝ!

දැල් වලින් වටවෙලා ඉන්න / වීදුරු වලින් වට වෙලා ඉන්න එයාලා ආසා නෑ. ඒක එයාලට කරන හානියක්!

සත්තු වත්ත උනත් එහෙමයි! සත්තු වත්ත කියන්නේ වටින කියන සත්ව වර්ග විනාශ කරන තැනක්! ඇත්තටම මාධව සත්තු වත්ත බලන්න ගිය හැම වෙලේම ගොඩක් දුක් වෙලා තියනවා!
ඒක වැරදි වැඩක්! ඒ අහිංසකයෝ හැමෝම නිදහස් විය යුතුයි! නිදහසේ ජීවත් වීමේ අයිතිය උන්ටත් තිබිය යුතුයි!

පරිසරයේ සමතුලිත බව රකින පරිසරය ලස්සන කරන අහිංසක මේ හැමෝම ආරක්ෂා විය යුතුයි! ආරක්ෂා කල යුතුයි.....................................

ඒක මිනිසාගේ වගකීමක්.....................
සත්තුන්ට ආදරය කරන්න! ඔවුනුත් මිනිසාට ගොඩක් ආදරය කරාවි! මේ පරිසරය ලස්සන කරන හැම සතෙක්ම ආරක්ෂා කරන්න..............................................

________________________________________________________________________________

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. නියම පෝස්ට් එකක්...

    මිනිස්සුන්ට නම් මොන මගුලක් වුනත් සාතන්ට අවුලක් නෑ.. ඒත් සතෙක්ට කරදරයක් වෙන එකටනම් සාතන් වුනත් කැමති නෑ...

    ReplyDelete
  2. thanx Sathan! mamath saththunta adare karana kenek! Minissunta wada saththu gawa gunadam tiyanawa!

    thankx sathan again! :)

    ReplyDelete
Previous Post Next Post

Contact Form