මතට තිත තියමුද?



හැමෝටම සුභ නව වසරක්! සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන්නම් ඉස්සෙල්ලම!


2වනුව කථාවට! .........................

හරි!

විභාගයක් අත ලග උනාම තමයි කට්ටියටම පත්තු වෙන්නේ! ඒත් එහෙම නැතුව මුල ඉදලම උනන්දුවෙන් වැඩ කරලා වැඩේ ගොඩ දාගන්න කට්ටියත් ඉන්නවා.....

මාධවගේ හොදම යාලුවෙකුත් මේ දවස් වල පත්තු වෙලා වැඩ! එයාට තිබ්බා මුල ඉදලම මහන්සි වෙන්න! දැන් පත්තු වෙන්නේ නැතුව!

ඒත් මාධවගේ රැවුල පැහිලා නෑනේ!

ඒ හින්දා වෙන්න ඇති ඌ කියන දේ අහන්නේ නෑ මුං!

මොනා උනත්  හෙට විභාගය හොදට කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්! හොද ප්‍රතිඵලයක් ගන්න ලැබෙන්න කියලත්  ප්‍රාර්ථනා කරන්නම්..........................

_______________________

මේක වෙන කථාවක්!

බීමත් කම නිසා කට්ටිය කොච්චර අමාරුවේ වැටෙනවද? අද මාධව ගියා අවමගුලකට! ඒ මැරුණ කෙනාට වයස 45ක් වත් නෑ

එහෙනම් ඇයි මේ..............

බීලා .. අරක්කු! කසිප්පු!


මොකට කට්ටිය මෙහෙම මැරෙන්න යනවද?

ඒක මෝඩ කම!

මැරිච්ච මිනිහා මැරිලා යයි! ඒත් ඒ මිනිහගේ ළමයි! බිරිද? මේ මැරිච්ච මිනිහටත් අවුරුදු 5ක ළමයෙක් & බිරිදක් ඉන්නවා! මේ මිනිහගේ බීමත් කමෙන් ඒ අසරණයින්ට ලැබුනේ ඒක විතරයි! අසරණ කම!

මේක මාධව දන්න සිද්දි වලින් එකක් විතරයි!

ඒත් අද රටේ මේ වගේ දේවල් කොච්චර වෙනවද?

මේවා වලක්වන්න කිසි දෙයක් අද මේ රටේ නෑ

මිනිස්සු මේ මත් පැන් මත් ද්‍රව්‍ය වලින් ගලෝගන්න වැඩ පිළිවෙලක් අපිට නෑ!

ඉස්කෝල වලට ගිහින් දේශන තියලා කියනවා අරක්කු සිගරටි එපා කියලා! ඒ කරලා ඒ දේශන තියන එවුන්ම ගිහින් ඉස්කෝලේ කැන්ටිමේ සිගරට් බොන තත්වයක් අද තියනවා!

මේවා ගැන මෙහෙම කථා කරලා වැඩක් නෑ................

ඒත් බ්ලොග් ලියන බ්ලොග්කරුවන්ට බැරිද මත් ද්‍රව්‍ය විරෝධී වැඩ පිළිවෙලක් පටන් ගන්න.................!

හිතලා බලමු! බ්ලොගර්ස්ලාටවත් එහෙම දෙයක් කරන්න පුළුවන් උනොත් ලොකු දෙයක්................!

හැමෝටම සුභ දවසක්.....................!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form