අන්දරේ.............



මෙන්න මෙහෙමනේ අන්දරේ සීනි කෑවේ! ඒක කවුරුත් දන්න දෙයක්!

තව අන්දරේගේ බ්ලේඩ් තලේ!, අන්දරේගේ නයා! වගේ මාර මාර ඉස්ටෝරිස්!

ඒ වගේ ඔය අන්දරේ ගැන තව මාර මාර කතා ති‍යනවා! මේක ඒ කතාවක්..කැමති නම් බලන්න! කමෙන්ට් කරන්න!


මේ කාලේ ඉදපු රජ බිසව මාර ගති! ලස්සනයි.මූනේ 1 කුරුලෑවක් වත් නෑ.පියකරු සරාගි මූනක්(බෑන් කීන් මූන වගේ නෙමෙයි ඔරිජිනල් moon වගේ ලස්සනයි!)

මේ අන්දරේට ඉන්නවා යාලුවෙක්.නම ඔනි නෑ! මේ පොරට (අන්දරේ's යාලුවාට) රජතුමාගේ බිසවගේ මූණ ඉබින්න ආසයිලු!!!!!
 
ඒත් ඒක කරනවට වඩා තමන්ගේ බෙල්ල කපා ගන්න 1 හොදයි කියලා අන්දරේ අරූ‍ට කිවුවම පොර කරබාගෙන ඉන්නවලු.මොකද ඌත් දන්නවා ගැස්සුනොත් කිස් 1 බඩුම තමයි කියලා! මොකද රජා වසයි!

ඒත් ටික දවසක් ගියාම මූ ආයේ අන්දරේට වද දෙනවලු! අඩෝ මචං මට මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙමයි කිය කියා ! වදේ ම තමයි. වදෙත් හොදම 1ක් මූ

අන්දරේත් මාර මිනිහා. අන්දරේට ඇවිත් මාර ගති කල්පනාවල්.ඌවයි මාවයි 2ම ගොඩ දාව විදියක්!

ඉතින් අන්දරේ මේ පොරට “මං බිසවගේ මූන පිහින තුවාය‍ට කැසිල්ල හදන කුඩක් දාන්නම්.එතකොට මූන කසයි.මමම රජාට කියන්නම් ඒක හොද කරන්න උබට පුලුවන් කියලා.උඹ  බිසවගේ මූණ ඉම්බම ඒක හොද වෙයි.උඹට පුලුවන් ඒ මාර්ගයෙන් මේ බිසවගේ මූන ඉබින්න.මෙන්න මේ බීම 1න් ටිකක් කටේ, තොලේ ගාගෙන මූන ඉඹපන්.හැබැයි 1 කොන්දේසියක් උඩ” කියලා කිව්වලු.(අර බීම 1 ඒ කුඩු ගෑවුනාම ඇතිවන කැසිල්ලට දෙන කුඩු දාලා හදපු 1ක්).ඒ කරලා අර බීම 1ත් දුන්නලු

අර මෑන් අහනවා “මොකක්ද කොන්දේසිය?” කියලා! පොරට මාර සැටිස් දැන්.මොකද එසේ මෙසේ මූනක්යැ?? බිසවුන් වහන්සේගේ මූන නේ!!

අන්දරේ කිව්වලු රිදී කාසි 1500ක් ඔනි කියලා!මේ පොරටත් ඒක ගානක් නෑ.මෑන් හා කිව්වලු

දැන් වැඩේ නැගලා ගියාලු! වැඩේ අති සාර්ථක වෙලා.අන්දරේටත් මාර සැටිස්! මොකද ප්ලෑන් 1 මැන්ස්ගෙනේ!

ටික දවසක් ගියත් ම්ම්ම්ම්ම්ම්ම්හ්! අර කාසි නෑ! යාලුවා කියනවලු පස්සේ පස්සේ කියලා!

අන්දරේටත් දැන් 100 ගානට කේන්ති ගිහින් ඉන්නේ! පොර 3, 4 පාරක් කිව්වත් අරූ ම්ම්ම්ම්ම්හ්!

අන්දරේ ඉතින් මොනා කරන්නද? යාලුකම් බලන්නේ නැතුව පව් පින් බලන්නේ නැතුව ගිහින් දැම්මලු අර කුඩු ටිකක්! කොහාටද දන්නවද????
අපේ මහ රාජෝත්තමයානන්ගේ රාජකීය ය‍ට කලිසමට!! ඉතින්!! ........





Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form