“පීක්”

 
 

මාධවගේ  බ්ලොග් එකේ මාධව 1 ,1 එව්වා මෙව්වා කථා දානවනේ.මේත ආදර කතාවක්..ආදරය ගැන මාධව මොනවත් දන්නේ නෑ.ඒත් මාධව ඇත්තටම ආදරය කරන අය ඔනෑ තරම් දැකලා තියනවා.

මේකත් එහෙම කථාවක්...

 

 මාධව දන්න මාධවලාගේ  පොරක් යාලු උනේ ටිකක් දුර ඈත පළාතක ගර්ල් කෙනෙක් එක්ක.මේකට මාධවත් අම්බානක සපෝර්ට් කරලා තියනවා. ඒත් යම් යම් හේතු නිසාම මේ 2ත් 2පැත්තට වුනා

 

හේතුව , මේ දෙන්නා වෙන් උන හේතුව ගොඩක් අසාධාරණ 1ක්.මාධව ඒ බව ඒ දෙන්නටම  පැහැදිලිව කිව්වත් මාධවට ආයේ එයාලව + කරන්න පුලුවන් වෙලා නෑ මේ වෙනකම්ම..

 

එහෙම වෙද්දි මේ ළගදි මරු වැඩක් උනා..........

 

අර කෙල්ලට (මාධව එයාට පීක් කියලා කියන්නම්) ආදරේ කරපු තවත් කොල්ලෝ ඉන්නවා. ඇත්තටම මේ ‍පීක් පස්සෙන් අම්බ‍ානක කොල්ලෝ ආවා කියලා මාධවගේ  යාලුවත් දන්නවා.මේ දෙන්නා 2පැත්තට වෙන්න මේ සිද්දිත් ගොඩක් දුරට බලපෑවා කිව්වත් වැරැද්දක් නෑ.හැබැයි ඒක නෙමෙයි වෙන් වීමට මූලික කාරණේ.හොදද!

 

මේ පීක්ට ‍එක කොල්ලෙක් අම්බානක වහ වැටුනා.ඒ කොල්ලා ඒ නිසාම මැරෙන්නත් ගියා කියලා 1 පාරක් මාධවට පීක් කථා කලාම කිව්වා.අම්බානක බොන්නත් පුරුදු වෙලා කියලත් කිව්වා. (යාලුවත් එක්ක කේස් දාගත්තම පීක් මාධවට කථා කරලා තමයි backup ඉල්ල ගන්නේ ආයේ 2ට යාලු වෙන්න. එහෙම වෙලාවක තමයි මාධවට මේ කථා ටික කිව්වේ මේ මාධවලාගේ  පීක්!)

 

මේ කෝච්චියට පනින්න ගිය කොල්ලා මාධවලාගේ  පොරට 1 පාරට කෝල් 1ක් දීලා මාර පාපොච්චා‍රණයක් කරලා.මාධව ඒ පාපොච්චාරනේ අකුරක් නෑර දන්නවා උනත් මේකේ දාන්න විදියක් නෑ මාධවට! ඒකට මාධවට අවසර දුන්නේ නෑ මේ මාධවලාගේ  පොර!

 

කොහොම උනත් ඒ කොල්ලා මාධවලාගේ  පොරට කියලා තිබ්බ දේවල් නම් හුගක් අනුවේදනීයයි.ඒ වගේම ඒ කොල්ලා තේරුම් අරන් තියනව‍ා එයා නිසා මේ 2ට වෙච්ච සිදුවීම්.මේ දෙන්නා එකිනෙකාව සැක කරලා තියන වගත්.

 

මේ කොල්ලා මොකා උනත්(මාධවලා කවදාවත් ඌව දැකලා නෑ) කථා කලේ අවංකව නම් ඒක ඇත්තටම හොදයි.දැන් එයාටත් ඕනි වෙලා තියෙන්නේ මේ 2ව ආපහු + කරන්න.ඒත් ඒක වෙන්නේ නැ කියල‍ා නම් මාධව දන්නවා!(මාධවලාගේ  පොරගේ අසාධාරණ කම් නිසා)

 

කොහොම හරි මේ 2ව + කරන්න පුලුවන් උනොත් ඒක හොදයි.ඒත් අර කොල්ලා මාධවලාගේ  පොරට වඩා ඒකිට ආදරේ කරලා තියන බව නම් මාධවට තේරුම් ගි‍යා. එහෙම ආදරේ කරන කොල්ලෙක් මේ වගේ පරිත්‍යාගයක් කරන්නේ හොද හිතින්ම නම්................

 තමන්ගේ ආදරේ පරිත්‍යාග කරන්නේ ඇත්තටම නම්...........

 මාධව ඒ නියම කොල්ලට ගෞරව කරන්න ඕනි. මොකද හැමෝටම එහෙම පරිත්‍යාග කරන්න බැරි නිසා!

 ඒ වගේම මාධවලාගේ  පොරත් ආයේ අර පීක් එක්ක + ‍ උනොත් ඒකත් නියමයි.මොකද ආදරය අවංකයි නම් ඒ‍ ආදරේ සදාකාලික නිසා!

 මාධව මේ කථාව මාධවගේ  බ්ලොග් එකේ දාන්නේ ඒ කොල්ලට කරන ගෞරවයක් විදියටයි......!

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form