Posts

Showing posts from July, 2010

කෙල්ලෝ.......................

Image
මෙහෙව් රටේ මෙහෙමත් කෙල්ලෝ ඉන්නවා කියලා හිතෙද්දි යාලුවෙක් විදියට වත් කෙල්ලෝ ඇසුරු කරන්න හිතෙන්නේ නෑ.මේ ලියුම හැම කෙල්ලෙක්ටම අදාල නැති වුනත්, මම පොදුවේ දැකපු දෙයක් තමයි මේ.

කොහොම උනත් මේ වගේ කේස් අනන්තවත් වෙනවා..මම මේ කියන්නේ පොඩි ආතල් කේස් එකක්.
ඔන්න අපි ඉස්කෝලේ කාලේ අලුත් කෙල්ලෙක් ආවා අපේ පන්ති වලට.බී පන්තියට තමයි ආවේ.අපි හිටියේ  E .මේ කෙල්ල ආවේ ටිකක් දවල් වෙලා. 10 ‍ට විතර.ඒ වෙලාවේ ඉදලා අපේ ක්ලා‍ස් එකේ කොල්ලෙක් පන්තියේ නෑ.
බලද්දි මූ අර ගර්ල්ට හිත ගිහින් ඒ ක්ලාස් එකේ ඉන්නවලු
එහොම ටික කාලයක් ගියා.අපේ මෑනුත් නියමෙට මේක කරගෙන යනවා.කථා කරනවා.ඒ වුනාට තාම දාගෙන නෑ
ඔන්න ඔහොම ඉදලා ඉදලා දැන් පොර 1 දවසක් ලොකු චොකලට් 1ක් එහෙම දීලා කෙල්ලගෙන් අහලා! "ඔයා මට කැමතිද?"


‍කෙල්ලත් නිකම් ඉදලා නෑ.මරු 1ට හිනාවක් එහෙම දාලා චොකලට් 1ත් අරන්......
"පස්සේ කියන්නම්" කිවුවලු
ඒ පස්සේ කියන්නම් කිව්ව දේ නම් තාම නෑ ඒත් "චොකලට් 1 නම් රහයි" කිව්වලු.................



සමහර කෙල්ලෝ ඉන්නවා  කොල්ලෝ දුසිමක් දාගෙන ඉන්නේ.ජරා වැඩ..අවංකව 1 කොල්ලෙක්ට ආදරේ කරන්න බැරි කෙල්ලෙක් කොහොමද දුසිමකට ආදරේ කරන්නේ...?????
සමහරු f…

හොල්මන් 2 කොටස.....

Image
මම ඊයේ රෑ චැට් කර කර ඉන්නකොට මගේ බ්ලොග් 1 කියෝපු 1ක් සෙට් වුනා.පොර කියපු කතාවත් මරු.හොල්මන් කේස් 1ක්.

මම ඊට පස්සේ පොරට කිව්වා මචං මට ඕක මැ‍සේජ් කරපන් කියලා

පොර ඒක මට එවලා තිබ්බ‍ නිසා ඒකත් දාන්න හිතුනා


මේ තියෙන්නේ පොර මට එව්ව මැසේජ් 1............

ඒක ටිකක් සූම් කරලා බලන්න පේන්නේ නැත්තම්..මම මේ කථාවේ තියන විශේෂම දේ කියන්නම්

මේ කථාවේ මේ කියන ජයමග ක්ලාස් 1  ගාව මිනිහෙක් මරලා දැම්ම කථාව ඇත්තක්.

ඒ මිනිහා අහිංසක නාඩාර් කෙනෙක්.එතකොට මම 6 වසරේ හිටියේ.මේ කථාව එවන කෙනත් මාත් එක්ක 1 ක්ලාස් වල හිටියේ.


කොහොම වෙතත් මේ කථාව මට එව්ව‍ට මං ගොඩක් තෑන්ක්ස් කරනවා.නම ගම දැම්මේ නැති උනාට දන්න අ‍ය දන්නවා ඇති මේ කථාව මට කිව්වේ කවුද කියලා.ඒ වුනත් මේක මම එච්චර හිතන්නේ නෑ.මොකද මමත් අපේ අමිලලගේ දන්සැලට ගිහින් ආපහු ගෙදර ගියේ ඔය කියන තැනින්මයි.මම නම් එහෙම දෙයක් දැක්කේ නෑ.ඒත් මම මේක දැම්මේ කතාව ඇත්ත විය හැකි නිසා..නමුත් අවතාර........??????????

මම තාම විශ්වාස කරන්නේ නෑ.................

හොල්මන්..........

මේ කියන කථා ඇත්තම කථා ටිකක්.....
මම ඇත්තටම හොල්මන් ව්ශ්වාස කරන්නේ නෑ

ඒ උනත් මේවා ඇහුවම ටිකක් ව්ශ්වාස නොකරත් බෑ....

මේක අපේ පැත්තේ සිද්දියක්..මම න්ම් හැබැයි දැකලා නෑ.....

අපේ ගෙවල් වලට පහප තියනවා දිය ඇල්ලක්....පට්ට පාලුයි ඒ හරිය..ගෙවල් එහෙම අඩුයි...ඔය ඇල්ල පහු කරලා ගියාම තියනවා ගෙවල් පේලියක්...මේ ‍‍හරියේ 1 ගෙදරක ඉදපු ඇන්ටි කෙනෙක් හදිසියේ මැරුණා.

දැන්  සේරම අවසන් කටයුතු එහෙම කරලා සතියක් විතර ගියාට පස්සේ මට අපේ කොල්ලෙක් කිව්වා "මචෝ උබට මතකද අර ගිය සතියේ මැරුණ අහවල් ඇන්ටි අන්න ඇල්ල ලග රෑට ඉන්නවලු කියලා...........

මට දැන් හිනා....මම ඒක විශ්වාස කලේ නෑ....මොකද මං හොල්මන් ව්ශ්වාස කරන්නේ නැති නිසා!

ඒත් මේ කතාවෙන් මගේ හිතේ පොඩි  ව්ශ්වාසයක් ඇති වුනා..මේකයි ඒ කථාව....

මේ පාරේ රෑට ගෙදර යන police කාරයෙක්ගේ බයික් එකේ පිටිපස්සේ මේකි ඉදගෙනලු.මම මේ කියන්නේ මට යාලුවා කියපු කථාව....

ඒ police කාරයා රැ ගෙදර යද්දි මුගේ බයික් එකේ පිටිපස්ස නිකම් 1 පාරට පාත් වෙලාලු.හරියට කෙනෙක් ඉද ගත්ත වගේමලු..ඒකට මූ හොදට බය වෙලා ඇරලා ගෙදරට ඇවිත්...

 :- o

පොර බය වෙච්ච පාර තෙලුත් මතුරලා කියලයි අරූ කිව්වේ...

කොහොම හරි ඒක එහෙ…

අක්කලා අක්කලා...........................

ඊයේ හවස මොරිස් බස් එකේ හෙන ගේමක්....... මරු ආතල්...... බීපු 1ක් ගේමක් අදිනවා...... ඒ ගේමට හේතුව තමයි මූ දිහා කට්ටියක් බැලුවා කියලා.මාර වැඩක්! අපිටත් පට්ට ආතල්

අද උදේ මම ආවේ කන්තලේ බස් එකේ..මේකට ටික්කෝ පනින්නේ නෑ කියලා හිතද්දිම මෙන්න නැග්ගා බෑ නොකියා බාප්පලා 5ක්ම!
 ආ නෑ නෑ බාප්පලා පනින්නේ කෝච්චි වලට... ම‍ගේ හොදම යාලුවෙක් ඉන්නවා.. එයාගේ ඩැඩී නම් බාප්පෙක්...මුන් ටික්කෝ....

දැන් මුන් ටික ගනන් හදනවා 50 යි 25යි කෝ ටිකට්....මරු ගේම දැන් බස් එකේ.................

ඔන්න ඔහොමයි අපේ බස් වල වෙන වැඩ...................

එතකොට අක්කලා......

මම තාම පොඩි 1ක්නේ ඒ නිසා මට හොද කෙල්ලෙක් අල්ලගන්න විදියක් නෑ.හැමෝම අක්කලා....
හවසට මොරිස් එකේ යන්නෙත් අක්කලා.....................
ටවුමේත් අක්කලා....................
ඉන්න නංගිලා ටික අපේ එවුන්ම යාලු කරගෙන..................

මෙන්න මේක ඔය වගේ අක්කා කථාවක්.......................


මම කාලයක් 1 දුරකථන සේවා සමාගමක වැඩ කලා.මමයි තව chathuranga කියලා යාලු‍වෙකුත් වැඩ කලා..මෙන්න මේ කාලේ අපි 2 හවස එ‍න්නේ විට්ටච්චි අයියගේ CTB එකේ.මේ විට්ටච්චි අයිය මාර පොර.මාර යෑමක් යන්නේ.පොර drive කරන…

විහිලු කතා කියන්න ගිහින් මාත් විහිලුවක් වෙයිද දන්නෑ :-o

ඒ කොහොම උනත් අපි කට්ටිය මාර විහිලු කථා කියනවා.අපේ අනුරාධ මල්ලි නම් මරු කථා ටිකක් දාලා තිබ්බා මන් දැක්කා එයාගේ බ්ලොග් එකේ.ඒ කතා වල ඉන්නවා වගේ ඇම්ඩන්ලා අපි අතරෙත් ඉන්නවා

ඔහොම ඉන්න ඇම්ඩෙක් ගැන මං මේ බ්ලොග් 1ත් දාන්නම්කෝ

හොදයි, ඔන්න ඔව්වා අල්ලලා දාමු. ඒ කථා ටික යථා කාලයේදී තථා අයුරින් දාන්නම්.....


මේක වෙන කථාවක්.................

මම ඒ ලෙවල් කරලා ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නකොට අපේ අමිල මට කිවුවා යමන් ටෙක්1ට කියලා.මමත් හා කියලා අපි දෙන්නම දැම්මා ඇප්ලිකේශන් 2ක්. අපි දෙන්නම ඉල්ලුවේ "draft man" . මෙන්න වැඩක්.සතියකට පස්සේ ඌට හුලං මට ලියුමක් එනවා ඉන්ටවීව් එන්න කියලා..


මාත් ගියා..අඩියක් විතර වවලා තිබ්බ කොන්ඩෙත් කපලා එ‍හෙම ගියා...පේරාදෙණියට ගියාම මෙන්න එයාලා මට කියනවා ඔයාට මේක කරන්න බෑ කියලා...දැන් මොකක් කරන්නද කියලා හිතද්දි තමයි මට කිවුවේ "YMBA" එකේ කොම්පියුටර්  කෝස් 1ට යන්න කියලා.


ඉතින් මම ගියා............................................................


එතන මාව ඉන්ටවීව් කරලා කිවුවා "හෙට ඉදන් එන්න" කියලා....

මං දිහා බලන් ඉන්න කට්ටිය දැක්කේ එතකොටයි මම.මම ඉන්ටවීව් ගියේ ස…

computer ! computer!

මං හිතුවා සමාජ සේවයක් කරන්න......
මං කොම්පියුටරේ ගැන සේරම සේරම සේරම දේවල් දන්නවා කියලා හිතන් හිටියට මන් දන්න ඉටි ගෙඩියක් නෑ කියලා දන්නෙත් මන් විතරයි..
අන්න ඒ නිසාම තමයි මං හිතුවේ computer! අවුල් නිරවුල් කරන්න උදව් වෙන්න..
ඒ වුනත් ඒක හරියන කේස් 1ක් වෙයිද, මාව නෝන්ඩි වෙයිද දන්නේ නෑ.කොහාම වෙතත් ඒකට මගේ බ්ලොග් 1 බලන හැමෝම මට උදව් වෙයි කියලා මං හිතනවා

අපිට අපිම උදව් කර ගන්න ඔනි නිසා..........

:)

මෙන්න මේකයි සිද්දිය..........

අද මට හෝම් වර්ක් කරන්න බැරි උනා.ඉංග්ලිෂ් මිස් මාව කයි.ඒත් ‍ඒක නෙමෙයි සිද්දිය.......මං මේ බ්ලොග් 1 ලියනවා වගේ නෙමෙයි.සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා.වැරදි දෙයක් කියවුනොත් බඩුම තමයි.

අද මන් ටෙක් එනකොට බස් එකේ ආවා ඇන්ටිලා 3ක්.අපි බොහෝම දුර පළාත් වල ඉදලා එන අහිංසක කොල්ලෝ නිසා ලග ලග බහින මිනිස්සු නගිනවට කවුරුත් කැමති නෑ...රියදුරු මහත්මයා උනත් කෑෑෑෑෑෑ ගහලා කියනවා ලග එපා ලග එපා  ලග එපා නවත්තන්නේ නෑෑෑෑෑ කියලා..... ඒත් ලැජ්ජාවක් නැති මේ උදවිය නැගලා ඉල්ලං කන්නේ ඇයි දන්නේ නෑ.

ඔන්න ඔහොම අදත් නැග්ග ඇන්ටිලා 2ත් අරන් ගියා හෝල්ට් 2ක්ම වැඩියෙන්

ඒ ඇන්ටිලා සෙට් 1 බස් 1 , 2 වෙන්න කෑෑෑෑෑෑෑෑ ගහලා තමයි එතන හරි බැස්සේ.....

බස් 1ඒ ඉන්න අපිට තමයි ආතල්

ඒත් මේ මිනිස්සු නිසා දුර ගමන් යන අපි තමයි ඇත්තටම කට්ට කන්නේ..............

:(

ඔන්න මාත් දැන් සිංහල බ්ලොග් ලියන්නෙක්.

ඔන්න මාත් දැන් සිංහල බ්ලොග් ලියන්නෙක්..ම්ම්ම්ම් මට ඒ ගැන සතුටක් තියනවා.මේ බ්ලොග් එකේ හොද හොද දේවල් ලියන්නයි මං හිතාන ඉන්නේ.ඉස්සෙල්ලම මං අනුරාධ මල්ලිට(අනුරාධගේ බ්ලොග්.) තෑන්ක්ස් කරන්න ඕනි.එයා තමයි මට බ්ලොග් එකේ ටෙම්ප්ලේට් 1 හොයා ගන්න ලින්ක් 1 දුන්නේ..

එහෙනම් මං පටන් ගන්නම් ......

මං මේ බ්ලොග් එක හදලා ගොඩක් කල්..ඒත් ලියන්න පරක්කු උනාට සොරි.මේ බ්ලොග් එකට එන ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා
දිගටම මාත් එක්ක + වෙන්න

මම
මාධව!